News Line| Off Air
Generic placeholder image

Aug
2

හලාවත – කුරුණෑගල පුද්ගලික බස් රථ වර්ජනයක්

2181 Views


හලාවත – කුරුණෑගල පුද්ගලික බස් රථ වර්ජනයක්

හලාවත – කුරුණෑගල අතර ධාවනය වන පුද්ගලික බස් රථ අද (02) දහවල් සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය විසින් කුරුණෑගල සිට හලාවත දක්වා සහ බිංගිරිය-වැල්පොතුවැව සිට කුරුණෑගල දක්වා නව බස් රථ දෙකක් ඊයේ (01) සිට ධාවනයට එක් කිරීම මෙම වර්ජනයට හේතු වන බව සදහන්.

මෙම මාර්ගයේ ධාවන කටයුතු සදහා පුද්ගලික බස් රථ 51 ක් යොදවා ඇති අතර වෙනත් බස් රථ මාර්ගය සදහා යෙදවීමක් නොකරන බවට බස් රථ හිමියන් සහ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග ගිවිසුමක්ද ඇති බවත්, එලෙස ගිවිසුමක් තිබියදී නව බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම හේතුවෙන් ඊට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ හිමියන් සේවාවලින් ඉවත්ව ඇති බවත් සදහන්.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවේ කියා සිටියේ යොදවා ඇති බස් රථ වලට අමතරව තවත් බස් රථ යොදා හැකි තරම් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post