News Line| Off Air
Generic placeholder image

Aug
2

වසර ගනණාවක සිට එන ටෙස්ට් සම්ප‍්‍රදාය එංගලන්තය හා ඔස්ට්‍රේලියාව බිද දමයි

8388 Views


වසර ගනණාවක සිට එන ටෙස්ට් සම්ප‍්‍රදාය එංගලන්තය හා ඔස්ට්‍රේලියාව බිද දමයි

එක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයක්.

නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අඳින සුදු වර්ණය සහිත ඇඳුමෙහි ඉදිරිපස ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් දිනාගත් අංකය, තමන්ගේ රටෙහි නිල ලාංඡනය හා තවත් අතිරේක යමක් මුද්‍රිතව තිබෙනවා හැර, ඇඳුමේ පිටුපස කිසිවක් සටහන් නොකිරීම සම්ප්‍රදායක් ලෙස මෙතෙක් පැවතුණා.

කෙසේ නමුත් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (01දා) ආරම්භ වූ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී වසර ගණනාවක සිට පැවත ආ මෙම සම්ප්‍රදාය බිඳවැටුණා.

ඒ අනුව ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිච්ඡේදයක් අරඹමින් දෙරටේම ක්‍රීඩකයන්ගේ ඇඳුම්හි පිටුපස එකිනෙකාගේ නම් හා ඔහුගේ නියමිත අංකය මුද්‍රණය වී තිබු අතර ලෝක ක්‍රිකට් පිටියේ මෙවැන්නක් සිදුවූයේ පළමු වරටයි.


News Articles
Latest Videos
Most Popular Post