උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් වරුවේ පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි හෙයින් සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.