ජර්මනියේ හැම්බර්ග් වරායේ රේගු නිලධාරීන් පිරිසකට මෙතෙක් එරට විශාලතම කොකේන් තොගය හසු කරගැනීමට හැකිව තිබෙනවා. උරුගුවේ මොන්ටෙවීඩියෝ සිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් වෙත කොකේන් ටොන් හතරකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ හමුව ඇති බව සදහන්.
සෝයා බෝංචි ලෙස ලැයිස්තුගත කර ඇති මෙම නැව්ගත කිරීම කළු පැහැති ක්‍රීඩා බෑග් 200 කට අධික ප්‍රමාණයක සඟවා තිබූ අතර දැඩි ආරක්ෂාවක් යටතේ මෙම කොකේන් තොගය විනාශ කරන බව බලධාරීන් පවසනවා.
මේවායේ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් යැයි හැම්බර්ග් රේගු ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
ජර්මානු බලධාරීන් පවසන්නේ මෙම සොයා ගැනීම මගින් දකුණු ඇමරිකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ඔවුන් තර්ජන ඇති කළ බවයි.
වැටළිම සිදුවූ හැම්බර්ග් යනු යුරෝපයේ තුන්වන විශාලතම වරාය වන අතර ජර්මනියේ විශාලතම වරාය වේ.