News Line| Off Air
Generic placeholder image

Aug
3

අයි.සී.සී යේ නවතම ක්‍රීඩක වර්ගීකරණයේ ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ඉදිරියට

35644 Views


අයි.සී.සී යේ නවතම ක්‍රීඩක වර්ගීකරණයේ ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ක්‍රීඩක වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉදිරියට පැමිණ තිඛෙනවා.

ඒ අනුව නිමාවට පත්වු බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ වීරයා බවට පත්වු ඇන්ජලෝ මැතිව්ස්ට තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 12 වන ස්ථානය හිමි වුණා.

එමෙන්ම එක්දින පිතිකරුවන් වර්ගීකරණයට අනුව මැතිව්ස් 31 වන ස්ථානයට පත්ව
ඇති අතර ශ්‍රී ලංකාව සහභාගිවු අවසන් තරග කිහිපයේදී දැක්වු දක්ෂතා මත නවක ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ද අයි.සී.සී ක්‍රීකට් පිතිකරුවන් වර්ගීකරණයට එක්ව තිඛෙනවා.

ඔහුට එක්දින පිතිකරුවන් වර්ගීකරනයේ හිමිව ඇත්තේ 79 වන ස්ථානයයි.

නවතම එක්දින පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පෙරමුණේ පසුවන්නේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයයි.ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් එක්දින පන්දු යවන්නන් අතර 15 වන ස්ථානයේ පසුවනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර ඇති නවතම එක්දින කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාවට 08 වන ස්ථානය හිමිව තිබෙනවා.

එක් දින කණ්ඩායම් වර්ගීකරණයේ පළමු තැන පසුවන්නේ මෙවර ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් එංගලන්තයි.

ඉන්දියාව සහ නවසීලන්තය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකර ගෙන තිඛෙනවා.


News Articles
Latest Videos
Most Popular Post