News Line| Off Air
Generic placeholder image

Aug
3

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

1136 Views


ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සෑම විභාග මධ්‍යස්ථානයකටම ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යෙදවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළා.

හෙට පැවැත්වෙන 05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන 2995 කදී හෙට පෙරවරු 09.30 ට විභාගය ආරම්භ වීමට කටයුතු ටොදා තිබෙනවා.

පෙරවරු 09.00 පමණ වන විට විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයින්ට දැනුම් දෙන අතර සෑම විභාග අපේක්ෂකයෙකුම තම විභාග අංකය, නිල ඇඳුමේ වම් පස ඉහළින් පැළඳ සිටිය යුතුයි.

මේ අතර, අනිද්දා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post