සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වීමට තීරණය කර ඇත බව වාර්තා වෙනවා. මීට පෙර තරග 03කින් සමන්විත 20/20 තරඟාවලියේ පළමු තරඟ 02 කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේද, තෙවන තරගය පල්ලෙකැලේ ක්‍රිඩාංගනයේද පැවැත්වීමට සැළසුම් කර තිබුණු නමුත් මේ වනවිට 20යි 20 එම තරඟ 03ම පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වීමට මේ වනවිට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව දිවයිනට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු තරගය ලබන 14 වනදා ආරම්භ වන අතර තරගාවලිය ටෙස්ට් තරග 02කින් සහ 20/20 තරඟ 03කින් සමන්විත වෙනවා.