News Line| Off Air
Generic placeholder image

Aug
3

පෘථිවියට ආසන්නව ජලය සහිත ග්‍රහයෙක්?

1412 Views


පෘථිවියට ආසන්නව ජලය සහිත ග්‍රහයෙක්?

පෘථිවියේ සිට අලෝක වර්ෂ 31ක් තරම් සමීපයේ තිබී ජලය පැවැතීමේ වැඩි අවස්ථාවක් සහිත ග්‍රහලෝකයක් සොයාගැනීමට නාසා ආයතනය සමත්ව තිබෙනවා. යම් හෙයකින් එය එසේ වුවහොත් මිනිසා විසින් සිදුකළ විශිෂ්ටතම සොයාගැනීම එය වෙන බව පැවසෙනවා. ජලය පැවැතිය හැකි බවට සැකකෙරන නවතම ග්‍රහලෝකයක් සොයාගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. නව ග්‍රහලෝක පද්ධතිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 31ක් දුරින් පිහිටා ඇති අතර ඔවුන්ට අනුව පෙනුමෙන් පෘථිවියට ඉතාමත් සමීප මෙම ග්‍රහලෝකය නම්කර ඇත්තේ GJ 357 d ලෙසයි. මෙම ග්‍රහලෝකය හඳුනාගෙන ඇත්තේ නව ග්‍රහලෝක සෙවීම සඳහාම පිහිටුවා ඇති නාසා ආයතනයට අයත් ටෙස් දුරේක්ෂය මඟින්.


News Articles
Latest Videos
Most Popular Post