News Line| Off Air
Generic placeholder image

Aug
3

අසනීප තත්වයක් හේතුවෙන් නැදුන්ගමුවේ හස්තිරාජයා මෙවර දළදා පෙරහැරට සහභාගී නොවේ

2358 Views


අසනීප තත්වයක් හේතුවෙන් නැදුන්ගමුවේ හස්තිරාජයා මෙවර දළදා පෙරහැරට සහභාගී නොවේ

වසර කිහිපයක සිට දළදා කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්ථි රාජයා අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට එක් නොවන බව දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසනවා. ඔහු ඒ බව සදහන් කළේ ශී‍්‍ර දළදා මාළිගා පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
ඒ අනුව වැඩි වාර ගණනක් දළදා කරඩුව වැඩම වූ ඉන්දිරාජ නම් හස්තියා මෙවර දළදා කරඩුව වැඩමවන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
එමෙන්ම මෙවර දළදා පෙරහරේ ආරක්ෂාව සදහා පොලිසිය සහ හමුදාව එක්ව පුර්ණ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් යොදා ඇති බවද සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post