News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

එජාපය ප‍්‍රමුඛ නව පෙරමුණේ රැස්වීම අවලංගු කරයි

1184 Views


එජාපය ප‍්‍රමුඛ නව පෙරමුණේ රැස්වීම අවලංගු කරයි

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළු පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සිය නව පෙරමුණේ රැස්වීම අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුව සමග එක්ව සිටින පක්ෂවල නායකයින් සමග ඊයේ (03) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.එමෙන්ම යෝජිත නව පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාති‍්‍රයේ පැවැති පක්ෂ නායකයින්ගේ රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන්, අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වූ අතර එහිදී පසුපෙළ මන්තී‍්‍රවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සමගිය ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙසටයි.


News Articles
Latest Videos
Most Popular Post