News Line| Off Air
Generic placeholder image

Aug
4

අමෙරිකාවේ “වොල්මාර්ට්” සාප්පු සංකිර්ණය ලේ විලක් වෙයි

7819 Views


අමෙරිකාවේ “වොල්මාර්ට්” සාප්පු සංකිර්ණය ලේ විලක් වෙයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ “වොල්මාර්ට්” සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු පළමුවෙන්ම රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුල්වි එහි සිටි පිරිස ඉලක්ක කර ගනීමින් වෙඩි තබා තිබෙන අතර සිද්ධිය ඇසින් දුටු පිරිස් සදහන් කරන්නේ මෙම තුවක්කුකරු කිසිදු ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවත් සිද්ධිය සැලවිමත් සමග එල් පාසෝ පොලිසිය සහ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන ඒකකයේ (FBI) නිලධාරින් තුවක්කුකරු රැදි සිටි සාප්පු සංකිර්ණය වට කොට එහි තුවාල ලබා සිටි පුද්ගලයින් වහා රෝහල් ගත කිරිමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ අනුව මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් ද අමෙරිකානු බලධාරින් විමර්ශන සිදුකරමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post