News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

වස්කඩුවේ මාරක බස් රථ අනතුරක් – 6ක් මරුට

2289 Views


වස්කඩුවේ මාරක බස් රථ අනතුරක් – 6ක් මරුට

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (04) අලුයම අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. අද අලුයම 5.15ට පමණ කළුතර උතුර පොලිස් වසමේ ගාල්ල කොළඹ මාර්ගයේ වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ගාල්ල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර නතුරින් මේ වන විට තුවාලකරුවන් 52ක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව තුවාලකරුවන් අතර පිරිමි පුද්ගලයින් 43ක් සහ කාන්තාවන් 08ක් කුඩා දරුවෙකු සිටින බව සඳහන් කළ පොලිසිය මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු වදෝ දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post