News Line| Off Air
Generic placeholder image

Aug
4

මුදලට යට නොවු මනුස්සකම

1198 Views


මුදලට යට නොවු මනුස්සකම

රුපියල් තුන්ලක්ෂ හැටදහසක් පමණ වටිනවා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් ඔහුට ලබාදුන් ආදර්ශමත් ත්‍රීරෝද රථ රිදුරෙකු දඹුල්ල නගරයෙන් වාර්තා වෙනවා.

ඒ අනුව ඉතාලි ජාතිකයෙකු ක්ලුකස් නැමැති සංචාරකයකු පසු ගිය දෙවනදා පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට පැමිණ සීගිරිය දඹුලු සංචාරය කොට දඹුල්ල නගරයේ ත්‍රිරෝද රථයකට නැග ලැඟුම්හලට හා රාත්‍රී ආහාර ගැනීමට ගමන්කොට තිබෙන් අතර ඒ දඹුල්ල නගර මධ්‍යයේ ත්‍රිරෝද රථ රියදුරෙකු වූ සුනිල් ශාන්ත හතාගේ ත්‍රිරෝද රථයෙන්ය.

මෙම විදේශිකයාගේ ගමන් අවශ්‍යතා සපුරා දී සුනිල් මහතා සිය නිවසට ගොස් පැයක පමණ කාලයක් ගත කිරීමෙන් පසු නැවතත් රාත්‍රීයේ දඹුල්ල නගරයට පැමිණ ඇත්තේ සිය නිවසට අවැසි බඩුමුට්ටු ලබා ගැනීම සඳහායි.බඩුමුට්ටු මිලදී ගත් ඔහු ඉන්ධන පිරවුම් හලකට ගොස් සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට යන අවස්ථාවේදී සිය ත්‍රීරෝද රථයේ ඇතුළත බිම මෙම මුදල් පසුම්බිය වැටී තිබෙනු දැක පසුව මෙම මුදල් පසුම්බිය කිසිවෙකුගේ නොව තමා සමඟ පස්වරුවේ ගමන් කළ විදේශිකයාගේ විය යුතු යැයි සැක සිතූ ඔහු මේ බව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදී ද දැනුම් දී විදේශිකයා රැදී සිටි ලැගුම්හලට ගොස් ඔහුට ලබා දී තිබෙනවා .සුනිල් ශාන්ත මහතා කියා සිටියේ විදේශිකයන් නොමැතිව සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන අවස්ථාවක අපේ රටේ හොඳ මිනිසුන් සිටින බව ලෝකයට දැනුම් දීමට හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post