ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12 වන අදියර අද රාත්‍රීයේ හංගේරියාවේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.එහි පැවති පුහුණු සැසියේ පළමු ස්ථානය දිනා ගැනීමට රෙඩ්බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් සමත් වුණ අතර හංගේරියාවේ පැවත්වෙන ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ 12 වන අදියරේ පුහුනු සැසිය ඊයේ පැවැත්වුණා.
ඒ අනුව එම පුහුණු සැසිය පැවති ධාවන පතය කිලෝමීටර 306යි දශම 6 යි 3 ක දුර ප්‍රමාණයකින් සමන්විත විත වන අතර අදාළ දුර ප්‍රමාණය පැයයි මිනිත්තු 14 යි දශම 5 යි 7යි 2ක කාලයකින් නිම කළ මැක්ස් වර්ස්ටපන් පුහුණු සැසියේ පළමු ස්ථානය දිනා ගත්තා.ඒ අනුව අද රාත්‍රීයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඔහු පළමු ස්ථානයේ සිට තරගය ආරම්භ කිරීමට නියමිතයි.වර්ස්ටපන් ෆෝමියුලා වන් තරගයක් පළමු ස්ථානයේ සිට ආරම්භ කරන පළමු අවස්ථාව මෙය වන බව වාර්තා වෙනවා.