News Line| Off Air
Generic placeholder image

Aug
5

පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

540 Views


පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

දඹුල්ල මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාව මතයි.

අද අලුයම 3 ට පමණ දඹුල්ල – ඉබ්බන්කටුව ප්‍රදේශයේදී අසල්වැසි පුද්ගලයෙකුට මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

තුවාලකරු මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post