News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

ජකර්තා අගනුවර අඳුරු වෙයි

1153 Views


ජකර්තා අගනුවර අඳුරු වෙයි

හදිසි විදුලිය බිඳ වැටීමක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක එරට මිලියන 10ට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව පැය 09කට ආසන්න කාලයක් මෙම විදුලිය බිඳ වැටීම පැවති බව විදෙස් වාර්තා සඳහන් කළ අතර මෙම හදිසි විදුලිය බිද වැටීම හේතුවෙන් එරට දුම්රිය ගමන් සේවාද අඩාල වී ඇති අතර දුරකථන සේවා මෙන්ම මාර්ග සංඥා ද අක්‍රිය වී තිබීම හේතුවෙන් තවදුරටත් ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.කෙසේවෙතත් මේ දක්වා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම යථාතත්වට පත් කිරීමට හැකියාව ලැබී නැති බවද විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post