News Line| Off Air
Generic placeholder image

Aug
5

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනපතිට නිල ආරාධනයක්

590 Views


පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනපතිට නිල ආරාධනයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත නිල ආරාධනයක් සිදු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටීමට දිනයක් වෙන් කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව සදහන්.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (06) නැවත රැස්වන අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද හෙට මෙම විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඊට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර ද හෙට මෙම විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදීමට නියමිත බව සදහන්.

මේ වනවිට සිදු කෙරෙමින් තිබෙන්නේ සිය විමර්ශනවල අවසන් අදියරේ සාක්ෂි විමසීම බව පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවා.

එමෙන්ම විමර්ශන කඩිනමින් අවසන් කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post