News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

නව පෙරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

1011 Views


නව පෙරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යළ තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සන්ධානගත වුණ බවත් ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා සැලකිල්ලට ගෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්වය දැන් අවධානයට යොමුව තිබෙන බවත් ඒ අනුව රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කර ගත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමග මේ ගැන ගැඹුරින් සාකච්ඡා කල බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.

ඒ අනුව අලූත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති බව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post