News Line| Off Air
Generic placeholder image

Aug
5

මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් සොයාගත් මහත්වරුම අමතක කරයි

4057 Views


මහත්වරුන්ගේ ක්‍රීඩාව ක්‍රිකට් සොයාගත්  මහත්වරුම අමතක කරයි

ආසියාව තුල ක්‍රිකට් ක්‍රීඩාව මුල් බැස ගත්තද ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමකරුවා වන්නේ එංගලන්තයයි. ඒ අනුව මඩ ගැසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාර ධර්මයන්ට පටහැනිය. ඒ නිසාම වෙන කවර ක්‍රීඩාවකටවත් නොමැති ඉහල ගෞරවාදරයක් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවෙයි. ඒ නිසාම ක්‍රිකට් ක්‍රීඩාව මහතවරුන්ගේ ක්‍රීඩාව ලෙසද සදහන් කරයි. කෙසේ වෙතත් නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී විනිසුරුවන් විසින් කොතෙකුත් අතපසුවීම් තමනට සිදු කලත් නවසීලන්තය කිසිදු පැකිලීමකින් තොරව පරාජය භාරගත්තේ මහතවරුන්ගේ ගුණය මනාව ප්‍රගුණ කර සිටි නිසාය.
ක්‍රිකට් ක්‍රීඩාවට ආගමක් හෝ වර්ණයක් නොමැති වුවත් යම් සදාචාරාත්මක බාවයක් සියලු දෙනා ලග ඇත.

එනමුත් එම මහත්මා ගුණය ක්‍රිකට් ක්‍රීඩාව සොයගත්ත එංගලන්තයටම නොමැති වීම සලකා බැලිය යුතු කරුණකි. ඒ මඩ ගැසීම ක්‍රිකට් ආචාර ධර්මයනට පටහැනි වුවත් මේ දිනවල පැවැත්වෙන අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත ප්‍රේක්ෂකයින් මෙතෙක් කලක් ඔවුන් ගොඩනගා සිටි මහත්මා ගුණය අපවිත්‍ර කරගත් බවට වාර්තා වෙනවා. ඒ එජ්බැස්ටන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය බැලීමට පැමිණි එංගලන්ත ක්‍රීඩකයින් වසරකට පසු ටෙස්ට් පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් හා ඩේවිඩ් වෝනර්ට වැලි කඩදාසි වනමින් උසුළු විසුළු කරම්නි. ඇතම්හු වොනර්ගෙන් වැලි කඩදාසි තිබෙනවාදැයි ඇසු අතර තව සමහරු ස්ටීවන් ස්මිත් හඩන ආකාරයේ ටී ෂර්ට් හා මුහුණු පලද සිටි බව පැවසෙනවා.

කෙසේ නමුත් සියලු වාග් ප්‍රහාරවලට පිත්තෙන් පිළිතුරු දුන් ස්මිත් පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කල අතර වොනර්ද සිනහවකින් කිසිවක් නැහැ යනුවෙන් හැගවෙන පරිදි සාක්කු එලියට දිගහැර පෙන්වා සිටියා.

මෙලෙස ඔවුන් අපහසුතාවයට පත් වීමට සිදු වුයේ 2018 ඕස්ට්‍ර්ලියානු කණ්ඩායමේ සිදුකල දකුණු අප්‍රිකානු සංචාරයේදී කහපැහැති වැලි කඩදාසියකින් පන්දුව පලුදු කිරීම සිදු කල බවට එවකට නායක වූ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රන්ක්ක්‍රොෆ්ට් වරදකරුවීමය. ඒ අනුව ඔවුන් යලි ක්‍රිකට් පිටියට පිවිසියේ මෙම තරගයේදීය.


News Articles
Latest Videos
Most Popular Post