News Line| Off Air
Generic placeholder image

Aug
5

සහරාන් හෂීම්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරුවන් යළි රිමාන්ඩ්

582 Views


සහරාන් හෂීම්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ සැකකරුවන් යළි රිමාන්ඩ්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ මස 19 වනදා තෙක් අද (05) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස් විජේතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

සැකකරුවන් පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මේ වනවිට දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් දෙදෙනෙකු ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ ආරම්භක සාමාජිකයින් 11 දෙනා අතර සිට ඇති බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post