News Line| Off Air
Generic placeholder image

Aug
5

රාජ්‍ය අමාත්‍ය රන්ජන් වසර 38 කට පසු උසස් පෙළ ලියයි

2082 Views


රාජ්‍ය අමාත්‍ය රන්ජන් වසර 38 කට පසු උසස් පෙළ ලියයි

1981 දී සිය උසස් පෙළ විභාගයට ප්‍රථම වරට පෙනී සිටි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (අගෝස්තු 5) වසර 38 කට පසු දෙවන වරටත් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නා.

නීතිඥයෙකු වීමේ අපේක්ෂාව සපුරාලීම සඳහා උසස් පෙළ විභාග සමත් වීමෙන් පසු නීති විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඕනෑම අයෙකුට මැරෙනකල් ඉගෙන ගත හැකි බවද පැවසු රංජන් රාමනායක මහතා, කුඩු විකුණනවා වැනි වරදක් නොවන බවද කියා සිටියා.

විභාග වංචාවක් සිදු නොකර ඉතා ස්වාධීන ලෙස අද දිනයේ දී විභාගයට පෙනී සිටිය බවත් මදි වී ඇති සුදුසුකම් සපුරා ගන්න මෙයින් උත්සහ ගන්නා බවත් ඔහු පවසා සිටි අතර පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා 8 පාස් නැති බව තමා ප්‍රකාශ කර නොමැති බවත්, ඉතා උසස් තත්ත්වයේ අධ්‍යාපාන මට්ටම්වලින් පිරි අය සිටින බවත් කියා සිටියා.

තමා ගැන කිසිවක් හංගා නොමැති බව පැවසු රංජන් රාමනායක මහතා, අධ්‍යාපනය කියන්නේ හොඳ දෙයක් බවත් එක පාරක් අසමත් වුවා යැයි පසු බෑමකට ලක් නොවී නැවත උත්සහ කළ යුතුව ඇති බවත් පැවසුවා.

තමා සාමාන්‍ය පෙළ සමත් වී ඇති බවත් උසස් පෙළ එක් විෂයක් පමණක් සමත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස විභාගයට පෙනී සිටි බවත් මෙය වසර ගණනක් පුරා තමා උත්සහ කරමින් සිටි දෙයක් බවද රංජන් රාමනායක මහතා කියා සිටි අතර අනිවාර්යයෙන් තමා විභාගය සමත් වෙන බවත්, එසේ නොවුන හොත් නිරන්තරයෙන් නැවත නැවතත් උත්සහ කරන බවත් රාමනායක මහතා පැවසුවා.

අද උදෑසන කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරයා විභාගයට පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post