මධ්‍යම පිලිපීනයේ සිදුවූ බෝට්ටු අනතුරු තුනකින් පුද්ගලයන් 31දෙනෙකු මියගොස් පුද්ගලයන් තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටිනවා.
මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟකින් මධ්‍යම පිලිපීනයේ ඉලෝඉලෝ සහ ගුයිමාරස් ප්‍රදේශවලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටු තුනක් මෙලෙස පෙරලී ගොස් තිබෙනවා.
අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකක මගීන් 96 දෙනෙකු පමණ සිට ඇති අතර
අනතුරට පත් අනෙක් බෝට්ටුව තුළ මගීන් කිසිවෙකුත් සිට නැහැ.
කෙසේ නමුත් එහි සිටි කාර්යමණ්ඩල සාමාජිකයන් පස් දෙනාම දිවිබේරාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
මේ අතර සිදුවීම් වලින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩබිම වෙත ගෙන ඒමේ මෙහෙයුමක් එරට බලධාරීන් ආරම්භ කර ඇති අතර අතුරුදන්ව සිටින සෙසු පිරිස සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.