News Line| Off Air
Generic placeholder image

Aug
6

අළු බඳුන ශූරතාවලියේ පළමු තරගයෙන් ජය ඔස්ට්‍රේලියාවට

773 Views


අළු බඳුන ශූරතාවලියේ පළමු තරගයෙන් ජය ඔස්ට්‍රේලියාවට

අළු බඳුන ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 251ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 284ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 374ක් ලබාගත් අතර අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 487ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබා දුන්නා.

ලකුණු 397ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට ඒ අනුව සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 146ක් පමණයි.


News Articles
Latest Videos
Most Popular Post