News Line| Off Air
Generic placeholder image

Aug
6

හතුරුසිංහගේ තැන ජෙරම් ජයරත්නට හිමිවන ලකුණු?

900 Views


හතුරුසිංහගේ තැන ජෙරම් ජයරත්නට හිමිවන ලකුණු?

සංචාරක නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. ඒ අනුව ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි ඇති බවට ප්‍රකාශ වන අතර ක්‍රිකට් ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී චන්දික හතුරුසිංහ මතගැටුම් ඇති වන ආකාරයේ අදහස් ප්‍රකාශ සිදුකර ඇති බවටද සියත 24 නාලිකාවට වාර්තා වනවා.

එමෙන්ම හතුරුසිංහ පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද නිල වශයෙන් දැනුම් දීමට නියමිතව තිබෙන අතර මේ වන විට ඔහුගේ ගිවිසුමද අහෝසි කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන් තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post