News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

රාවණා චන්ද්‍රිකාව සිය කුළුදුල් ඡායාරූප නිකුත් කරයි – ශ්‍රී ලංකාවත් පැහැදිලිව පෙනෙයි

2957 Views


රාවණා චන්ද්‍රිකාව සිය කුළුදුල් ඡායාරූප නිකුත් කරයි – ශ්‍රී ලංකාවත් පැහැදිලිව පෙනෙයි

පසුගිය ජුනි 17දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරුණු රාවණා 1 චන්ද්‍රිකාව ලබාගත් ප්‍රථම ඡායාරූප කිහිපය පසුගිය 3දා බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය විසින් නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප අතර ශ්‍රී ලංකාවේ පැහැදිලි ඡායාරූප කිහිපයක් දැකගත හැකි අතර, මෙමගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇතැයි එහි සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසීය වෙත පවසා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලාංකේය තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ රාවණා 1 චන්ද්‍රිකාවෙන් ඡායාරූප ගැනීමට අමතරව පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට අදාළ දත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක්වන බවත්, යම් රටකට ඉහළින් එය ගමන් කරද්දී, පැහැදිලි අහසක් පැවතුණහොත් එමගින් ඡායාරූප ලබාගැනීමට විධානයන් ලබාදෙන බවද සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු වරිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post