News Line| Off Air
Generic placeholder image

Aug
6

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි

563 Views


උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව වාර්තා වන අතර ඒ අනුව සති දෙකක කාලයක් තුළ ඔවුන් විසින් මෙසේ මිසයිල අත්හදා බැලූ සිව්වැනි අවස්ථාව මෙය බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසනවා.උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට පතිත වූ බව සඳහන් වෙන අතර මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව පවසන ඇමෙරිකාව පවසන අතර දකුණු කොරියාවෙන් සහ ජපානයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමක් කරන බවද සදහන් කරනවා.

ඉකුත්දා ආරම්භ වූ දකුණු කොරියානු – ඇමෙරිකානු හමුදා අභ්‍යාසයන්ට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති බව පැවසෙනවා.ඒ අනුව දකුණු කොරියාව සහ ඇමෙරිකාව අතර එලැඹෙන 11දා ආරම්භ වීමට නියමිත අතර, මෙම අභ්‍යාස කොරියානු අර්ධද්වීපයේ සාමය උදෙසා තැබූ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බව උතුරු කොරියාව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post