News Line| Off Air
Generic placeholder image

Aug
6

දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකියි – අගමැති කියයි

724 Views


දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකියි – අගමැති කියයි

දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකි බව අද(05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට සහ දිගන සිද්ධියෙන් දේපළ හානිවුවන්ට වන්දි ලබා දිමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි අද පැවැත් වුණා.

පක්ෂය වෙනුවෙන් ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී අගමැතිවරයා පැමිණ සිටි සියලු දෙනාට ස්තූතිය පළ කළ අතර මීට පෙර මෙම වන්දි ලබා දීමට නොහැකි වීම ගැන තමා කණගාටු වන බවද පැවසුවා.

රංගේ බණ්ඩාර මහතා දේශාපාලන වශයෙන් මේ වන විට දුක් විඳ ඇති බවත් පළි ගැනීමක් හේතුවෙන් ඇමතිකමත් ලැබී නැති බවද එක් කණ්ඩායමක් දේශාපාලන පළිගැනීම්වලට ලක් වු බවත් පැවසු අගමැතිවරයා, අනෙක් අය ජාතිවාදයට ලක් වු බවද පැවසුවා.

සමහර දේශාපලඥයින් ජාතිවාදයෙන් ජයගැනීමට උත්සහ ගන්නා බව පැවසු අගමැතිවරයා, එසේ කල නොහැකි බවත් දියුණු රටක් වීමට නම් ආර්ථික ආදායමෙන් මැන බැලීම පමණක් ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post