හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම ඉදිරි පැය 24 තුළ උතුරු සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ, උතුරු සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.
එම නිසා උතුර සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ලබන සිකුරාදා දක්වාත්, උතුර සහ මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශවල ලබන ඉරිදා දක්වාත් ධීවර සහ නාවික කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.