News Line| Off Air
Generic placeholder image

Aug
6

රංජන් තම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාධ්‍යයට පෙන්වයි

2263 Views


රංජන් තම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාධ්‍යයට පෙන්වයි

තමාගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්නන්න යැයි ඇතැමුන් අභියෝග කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසූ අතර දෙවන දිනටත් අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාමනායක මහතා මේ බව සදහන් කළා.

අනෙක් අයත් මෙය ආදර්ශයට ගෙන විභාග ප්‍රතිඵල පෙන්විය යුතු යැයි ද ඒ මහතා මෙහිදී පවසා සිටියා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා D-සාමාර්ථයක්, C- සාමාර්ථ 5 ක් හා S- සාමාර්ථයක් ලබා ගෙන ඇති බවත් එක් විෂයක් අසමත් වී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටි අතර සිය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල පෙන්වමින් ආමත්‍යවරයා මේ බව තහවුරු කළා.

උසස් පෙළ විභාගයෙන් වැඩ 4න් එක් විෂයක් පමණක් සමර්ථව ඇති බව පැවසු රංජන් රාමනායක මහතා ලබා ඇති සියලු ප්‍රතිඵල මාධ්‍යයට පෙන්වූවා.


News Articles
Latest Videos
Most Popular Post