සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.
ශ්‍රී ලංකාව තුළ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණ කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.
ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සියලු ආගමික නායකයින් හා පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ එකඟත්වයෙන් මෙම යෝජනාවලිය සකස් කර ඇති බව සදහන්.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ අනුනායක ත්‍රිකුණාමලේ ආනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් රැසක් ද එක්ව සිටියා.