චන්දික හතුරුසිංහගේ එකඟතාවයකින් තොරව ඔහුව ධූරයෙන් ඉවත් කළහොත් කොන්ත්‍රාත්තුවට අනුව ඔහුට විශාල වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ.
හතුරුසිංහ විසින් වසරක් පුරා සිදුකල වැඩ පිළිබඳව මේ වන විට වාර්තාවක් ලබා දී ඇති බවත් පැවසු තිලංග සුමතිපාල මහතා, ඒ අනුව වාර්තාවේ ඇති කරුණු ගැන අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
එමෙන්ම ඇමති නියෝග පිළිපදින්න හතුරුසිංහ මහතා බැඳි නොමැති බවත් ඔහු බැදී ඉන්නේ ක්‍රිකට් ආයතනයට පමණක් බවත් සුමතිපාල මහතා වැඩි දුරටත් සදහන් කළා.