එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වේන් රූනි එම කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස එංගලන්තයේ ඩර්බි කවුන්ටි ක්‍රීඩා සමාජය සමඟ නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
වේන් රූනි මීට පෙර අමෙරිකාවේ ඩී.සී යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සමග වසරක ගිවිසුමකට අත්සන් තබා තිබුණා.
ඩර්බි කවුන්ටි ක්‍රීඩා සමාජය සමග ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස රූනි ගිවිසුම් අත්සන් තබන්නේ ඩී.සී යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ ගිවිසුම අවසන් වීමත් සමඟයි.
එංගලන්ත ජාතික කණ්ඩායමේ සහ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේ වැඩිම ගෝල ලාභියා වන රූනි අද වනවිටත් ඉහළ ඉල්ලුමක් සහිත පාපන්දු ක්‍රීඩකයෙක් වන අතර ඔහුගේ එක්වීමත් සමඟ ඩර්බි කවුන්ටි පාපන්දු කණ්ඩායමේ ගුණාත්මක බව ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති බව එම කණ්ඩායමේ කළමණාකාරිත්වය පවසනවා.