News Line| Off Air
Generic placeholder image

Aug
7

එළවළු මිල පහත වැටීම නිසා ගොවින් අසරණ තත්ත්වයක

888 Views


එළවළු මිල පහත වැටීම නිසා ගොවින් අසරණ තත්ත්වයක

කැරට්, අමුමිරිස්, ගෝවා, මාළුමිරීස්, ලීක්ස්, බීටිරූට් ඇතුළු එළවළු වර්ග විශාල ප්‍රමාණයක මිල පහත වැටීම නිසා ගොවි ජනතාව අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. ගෝවා හා බීට්රූට් වගා කළ ගොවීන්ට ගෝවා
විකුණගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර මේ හේතුවෙන් සමහර ප්‍රදේශවල ගොවීන් වගාවලින් ඉවත්වෙමින් තිබෙන බවත් වාර්තා වුණා.

පොල් ගෙඩියක තොග මිල රුපියල් විසිපහ දක්වා අඩු වීම නිසා පොල් වගාකරුවන් අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර, එයට හේතු වී තිබෙන්නේ පොල් ඵලදාව නෙළාගැනීමට විශාල මුදලක් වියදම් වීමයි.

මේ පිළිබඳ සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් කළ වීමසීමකදී සදහන් කළේ මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථාන තුළට එළවළු තොග ලැබීමේ අඩුවීමක් පෙන්නුම් කරමින් තිබෙන බවයි.

ලැබෙන තොග මිලදී ගැනීමට වෙළෙඳුගේ පැමිණීම අඩුවීම හා සාපේක්ෂව මිලදීගන්නා ප්‍රමාණය අඩුවීම නිසා තොග මිල පහත වැටී තිබෙන බවද ඔහු පවසා සිටියා. සිල්ලර වෙළදාම පහත වැටීම නිසා මෙම තත්වය ඇති
වී තිබෙන අතර, මේ වනවිට ගෝවා කිලෝවක් රුපියල් 20 දක්වාත්, පොල් ගෙඩියක තොග මිල රුපියල් 25 දක්වාත් පහත වැටී තිබෙන බවද ඒ මහතා සඳහන් කළා.

මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 80 දක්වාත්, ලීක්ස් කිලෝවක මිල රුපියල් 20 දක්වාත්, බීට්රූට් කිලෝවක මිල රුපියල් 30 දක්වාත්, තක්කාලි කිලෝවක මිල රුපියල් 60 දක්වාත්, අමුමිරිස් කිලෝවක මිල රුපියල් 150 දක්වාත්, දෙහි කිලෝවක මිල රුපියල් 200 දක්වාත් පහත වැටී තිබෙන බවද ඔහු පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post