සෝඩා වර්ග වල අඩංගු වන කෘතීම සීනි වර්ග, කෘතීම වර්ණකයන් නිසා ඔබට පිළිකා අවදානමක් ඇති විය හැකියි. මේ නිසා සෝඩා වර්ග වෙනුවට ස්වභාවික පලතුරු බීම වැනි දේ ලබා ගැනීමට හුරු වන්න.
රතු මස් ග්‍රිල් කිරීමෙන් වැඩි රසයක් ලබා ගත හැකි නමුත්, ග්‍රිල් කිරීම සඳහා යොදන දැඩි උනුසුමේදී පිළිකාකාරක සංයෝගයන් නිපදවෙනවා. ඒ වගේම රතු මස් නිතර ආහාරයට ගැනීමෙනුත් පිළිකා අවදානම ඇති විය හැකියි.
බොහෝ පොප්කොර්න් වෙළඳුන් පොප්කොර්න් රස ගැන්වීමට යොදන රසකාරක වල පිළිකාකාරකයන් අඩංගු විය හැකියි. මේ නිසා ඔබට කල හැකි සුදුසුම දෙය වන්නේ නොසැකසූ පොප්කොර්න් මිලදීගෙන ඔබ විසින්ම නිවසේදී සකසා ගැනීමයි.
අසුරණයේ ඇති ලෝහ සමඟ ආහාර වල ඇති සංයෝගයන් ප්‍රතික්‍රියා කිරීමෙන් පිළිකාකාරක නිපදවීම මෙයට හේතුවයි. විශේෂයෙන් ටින් කල ඇඹුල් රසැති ආහාර ලබා ගැනීමෙන් වැලකි සිටිය යුතුයි.
ඇතැම් එළවලු තෙල් වර්ග සැබෑ ලෙසම ලබා ගන්නේ එළවලු වලින් නොවේ. ඒවා නිපදවීමට විවිධ රසායනික සංයෝගයන් එක් කරනු ලබනවා. බොහෝ විට ඒවායේ ඔමේගා 6 නමැති අහිතකර මේදයන්ගෙන් සමන්විත වෙනවා. මේ නිසා හැකි තරම් ස්වභාවික තෙල් වර්ග තෝරා ගන්න.
කෘතීම සීනි නිපදවනු ලබන්නේ රසායනික ක්‍රියාවලියක් හරහායි. ඒවා නිතර භාවිතා කිරීම අහිතකර වේ.
එළවලු සහ පලතුරු කාබනික නොවන තරමට, ඒවාට යොදන කෘමිනාශක නිසා ඒවා භාවිතය හානිදායක වෙනවා. මේ නිසා හැකි තරම් කාබනික එළවලු/ පලතුරු භාවිතා කරන්න. නැති නම් භාවිතා කිරීමට පෙර ඒවා හොඳින් සෝදා ගන්න.
මස් වලින් සකස් කරන සොසේජස් වර්ග, හොට් ඩෝග් සහ බේකන් වර්ග සකස් කිරීමේදී ඒවාට අධික ලෙස ලුණු, අජිනමොටෝ වැනි රසකාරක සහ රසායනික වර්ග (නයිට්රේට්, නයිට්‍රයිට්) යොදනු ලබනවා. මෙය ඔබට අහිතකර විය හැකියි. මේ නිසා හැකි තරම් නැවුම් මස් වර්ග මිලදී ගන්න.
ඔබ සමහර විට වෙළඳපොළෙන් බැදපු අල පෙති මිලදී ගන්නවා ඇති. බොහෝ විට ඔවුන් ඒවා එකම තෙල් තාච්චියේ දිගින් දිගටම බදිනු ලබනවා. මේවායේ මේදය සහ ලුණු අධිකව අඩංගු වෙනවා. එපමණක් නොව කෘතීම රසකාරක සහ වර්ණකත් යොදනු ලබනවා.
මත්පැන් පානය කිරීමෙන් හිස, ගෙල, අන්නස්‍රෝතය, අක්මා, පියයුරු සහ මහ බඩවැල ආදී ස්ථාන වල පිළිකා ඇති විය හැකියි. මේ නිසා මත්පැන් පානය කිරීමෙන් වලකින්න.
මාජරින් බොහෝ විට සකසන්නේ හයිඩ‍්‍රජනීකෘත එළවලු තෙල් වලින්. ඒවායේ අහිතකර මේදය අඩංගු වෙනවා. මේ මේදය බටර් වල ඇති මේදයට සාපේක්ෂව අහිතකර වෙනවා. මේ නිසා මාජරින් වෙනුවට බටර් භාවිතා කරන්න.
උපුටා ගැනීම – මුහුණු පොත