News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
7

කංජිපානිගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

1469 Views


කංජිපානිගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

දැනට රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන කංජිපානි ඉම්රාන්, සැප්තැම්බර් මස 04වනදා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු නිරීක්ෂණය සදහා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

සැකකරු පොලිසිය භාරයේ රඳවා ප‍්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් නියෝග අනුව කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය එහිදී අධිකරණයට දැනුම් දුන් අතර නැවත නිරීක්ෂණය සදහා කංජිපානි ඉම්රාන් සැප්තැම්බර් මස 4 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post