News Line| Off Air
Generic placeholder image

Aug
8

හතුරුසිංහට වන්දි ගෙවන්න ක්‍රිකට් ආයතනය සුදානම් වෙයිද?

599 Views


හතුරුසිංහට වන්දි ගෙවන්න ක්‍රිකට් ආයතනය සුදානම් වෙයිද?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීම සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් විවිධ මතයන් ප්‍රකාශ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම නිසා බවයි.ඊයේ (07) පස්වරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශම්මි සිල්වා මහතා මේ බව කියා සිටියා.

එහිදී චන්දික හතුරුසිංහ මහතාට ගිවිසුම් ගත කාලයට පෙර ධුරයෙන් ඉවත් කිරීම පිළිබද වන්දියක් ගෙවීමට සිදුවේදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කල අතර ඊට ඒ මහතා පිළිතුරු දුන්නේ ඒ සම්බන්ධයෙන් මේ වන විට නීති උපදේශකවරුන්ගෙන් උපදෙස් ගන්නා බවත් සැමට කලින් ක්‍රිකට් ක්‍රීඩාව වැදගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post