News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව අද

687 Views


හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව අද

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (08) කොළඹ ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම නඩුවට අදාල තීන්දුව අද දින විනිසුරු සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post