අද අලුයම පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආ ගුවන් යානා දෙකක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණු අතර අද අලුයම 3.15 ට පමණ මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා තිබෙනවා.කෙසේ වෙතත් මෙහි සිටි ගුවන් මගින් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය පිටතට නොගෙන යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර සපයා දී නැවත 4.53 පමණ කටුනායක ගුවන් තොටුපල වෙත පිටත් කර යවා ඇත.
එමෙන්ම මෙම තත්වය හේතුවෙන් සාජා සිට පැමිණි ගුවන්යානයක්ද මෙලෙස මත්තල ගුවන් තොටුපල වෙත යොමු කළද නැවත අලුයම 5.15පමණ කටුනායක ගුවන් තොටුපල වෙත පිටත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට කාළගුණික තත්ත්වය මදක් යහපත් වී ඇති අතර ගුවන් යානා මෙහෙයුම් කටයුතු බධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතින බව ආරංචි මාර්ග සදහන් කරනවා.