ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ විත්තිකරුවන්ට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.ඒ අනුව ඔවුන්ට එරෙහිව එල්ල කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට පදනමක් නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර ඇත.