News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

කාසල් වීදිය කාන්තා රෝහලේ නළ දරු උපත් සිදුකිරීමට පහසුකම්

1213 Views


කාසල් වීදිය කාන්තා රෝහලේ නළ දරු උපත් සිදුකිරීමට පහසුකම්

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් වීදුරු නළ තුළ සංසේචනය සදහා රසායනාගාර හා ශල්‍යාගාර පහසුකම් ඇතුළත් වන පරිදි මඳසරුභාවයෙන් යුත් විවාහක යුවළ සදහා සේවා සැපයීමට නියමිතයි.

එම මධ්‍යස්ථානය නව දෙමහල් ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේත්නාරත්න මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post