News Line| Off Air
Generic placeholder image

Aug
8

කාම්බෝජ රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

582 Views


කාම්බෝජ රජුගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ආර්ථික, වෙළඳ, සමාජීය වශයෙන් මෙන්ම බෞද්ධාගමික පුනර්ජීවනය වෙනුවෙන් වූ සියලු කටයුතුවල දී කාම්බෝජය ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින බව කාම්බෝජයේ නොරෝඩොම් සිහාමනී රජු පවසනවා.

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ අද පෙරවරුවේ පැවති හමුවේ දී කාම්බෝජ රජු මේ බව සඳහන් කර තිබෙනවා.

කාම්බෝජ රජ මාළිගය වෙත ගිය ජනාධිපතිවරයා රජු විසින් ඉතා උණුසුම් හා සුහදශීලීව පිළිගෙන ඇති අතර ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් එහි අලංකාර උත්සවයක් ද සංවිධානය කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

ඈත අතීතයට විහිද යන දෙරටේ සබඳතාවයන් මෙහිදී සිහිපත් කර ඇති කාම්බෝජ රජු එරට රාජ්‍ය සංචාරයකට එක්වීම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය ස්තූතිය ද පළ කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post