News Line| Off Air
Generic placeholder image

Aug
8

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැක්කේ නිල පිරිසකට පමණයි : බැසිල් රාජපක්ෂ

737 Views


පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැක්කේ නිල පිරිසකට පමණයි : බැසිල් රාජපක්ෂ

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මේ වනවිට ඇමෙරිකානු පුරවැසිබව ඉවත් කරගෙන තිබෙන බව කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වූ මධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ අද (8) ප්‍රකාශ කර සිටියා.

ඇතැමුන් ගෝඨාභය රාජපක්‍ෂට දැඩි බියක් දැක්වුවද ඔහු දරුණු පාලකයකු නොවන බවත් අල්ලසට දූෂණයට එරෙහිව දැඩිව කටයුතු කරන ගෝඨාභය රාජපක්‍ෂ කළමනාකරණයෙහි ඉතාමත් දක්‍ෂයකු බවත් බැසිල් රාජපක්‍ෂ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

අගෝස්තු 11 වෙනිදා පැවැත්වෙන පොදුජන පෙරමුණේ මහා සම්මේලනයේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කළ හැක්කේ නිල වශයෙන් නම් කළ පිරිසකට පමණක් බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මීට අමතරව පක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීම හා ඔහු විසින් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම එදිනට පවතින සුවිශේෂී කාර්ය භාරය බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post