මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය නියත වශයෙන් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.
සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නව රටක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ වූ බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහදී අවධාරණය කළා.