කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ට හිමි මන්ත්‍රී ධුරය ලබා ගැනීමට මිස කිසිවෙකුගේ දේශපාලන ගමන අවහිර කිරීමේ අරමුණින් නොවන බවටයි.
එමෙන්ම එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පක්ෂ තීන්දුවක් මත තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊළඟට සිටින වැඩිම ඡන්ද ලාභියා තමන් නිසාත් ඒ හේතුවෙන් ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට හිමි වීමට ඇති බවද සදහන් කලා.