News Line| Off Air
Generic placeholder image

Aug
9

පළමු දිනයේදී ක්‍රිකට් සභාපතිගේ පිළ පළමු ඉනිම සදහා ලකුණු 300 සීමාව ඉක්මවයි

2277 Views


පළමු දිනයේදී  ක්‍රිකට් සභාපතිගේ පිළ පළමු ඉනිම සදහා ලකුණු 300 සීමාව ඉක්මවයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර ඊයේ ආරම්භ වුනු පළමු පුහුණු තරගයේ ඊයේ දිනය නිමා වන විට පළමුව පන්දුවට පහරදෙන ක්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 06 කට ලකුණු 323 ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී අශාන් ප්‍රියන්ජන නොදැවී පන්දු 76 කට ලකුණු 56 රැස් කරගෙන සිටි අතර මිනෝද් භානුක පන්දු 29 කට ලකුණු 14 රැස් කරගන සිටියා.
ආරම්භක පිතිකරුවන්ලෙස පිටියට පිවිසි දනුෂ්ක ගුණතිලක සහ සජාන් සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 154 ක සබදතාවයක් ගොඩනැගීමට සමත් වුනු අතර එහදී දනුෂ්ක ගුණතිලක ලකුණු 98 ක් රැස් කිරීමට සමත් වුණා. සජාන් සමරවික්‍රම ලකුණු 80ක් රැස් කළා.


News Articles
Latest Videos
Most Popular Post