News Line| Off Air
Generic placeholder image

Aug
9

ගංවතුර නිසා කොචින්වලට යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

550 Views


ගංවතුර නිසා කොචින්වලට යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වන ඉරිදා තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා.

දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වැනිදා සවස3.00 දක්වා කොචින් ගුවන් තොටුපළේ සියලුම ගුවන් මෙහෙයුම් වසා දැමීමට කටයුතු කරන බව කොචින් ගුවන්තොටුපල අධිකාරිය නිවේදනය කළා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත 04 ක් වන කේරළ, කර්නාටක, මහාරාෂ්ටා සහ ගුජරාට් යන ප්‍රාන්තවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මගීන්ට ඇති වූ අපහසුතාවය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාව අයැද සිටින අතර, ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ට්‍රිවේන්ඩ්‍රම් සහ කොයිම්බතූර් හරහා තම ගුවන් සංචාරක කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව සදහන්.

වැඩි විස්තර ඔබේ සංචාරක නියෝජිතයා මඟින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොචින් නගර කාර්යාල දුරකතන අංකය +914842362042 සහ පැය 24 පුරා විවෘත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්බන්ධතා මධ්‍යස්ථාන දුරකතන අංකය+94117771979 ඇමතීමෙන් ලබාගැනීමට හැකියි.


News Articles
Latest Videos
Most Popular Post