News Line| Off Air
Generic placeholder image

Aug
9

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස හයලක්ෂ 58,000 දක්වා ඉහළට

517 Views


වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස හයලක්ෂ 58,000 දක්වා ඉහළට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව හයලක්ෂ 58,696ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පීඩාවට පත් වැඩිම පිරිස උතුරු පළාතේ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එම සංඛ්‍යාව දෙලක්ෂ 24,000කට අධිකයි.

නැගෙනහිර පළාතේ පුද්ගලයින් එක්ලක්ෂ 63,000ක් හා වයඹ පළාතේ පුද්ගලයින් 63000කට අධික පිරිසක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා.

මීට අමතරව උතුරුමැද පළාතේද විශාල පිරිසක් වියළි කාලගුණය හේතුවෙන් ජලය නොමැතිව පීඩා විඳින බව සදහන්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, වියළි කාලගුණයෙන් පානීය ජල හිඟයට මුහුණ දී ඇති පවුල් සඳහා බවුසර් මගින් ජලය සපයන බවයි.

තම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ්‍ර 73හි ජල මට්ටම සියයට 17ක් දක්වා පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව් 14000ක් මේ වන විට සිඳී ගොස් ඇති අතර, මහවැලි පද්ධතියට අයත් ජලාශ්‍රවල ජල මට්ටමද ඉතා පහළ අගයක පවතින බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post