ශ්‍රී ලංකාව් දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
මේ අනුව පළමු අදියරේ දී ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භව ගුරුවරුන් 150 ක් දක්වා ගුරු කණ්ඩායමක සේවය දුෂ්කර පළාත්වල සිසුන් සඳහා ලබාදීමට නියමිත බව පැවසෙනවා. මෙම එක් ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ සේවා කාළය වසර 2 ක් පමණ වන බව වාර්තා වෙනවා.