ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකාව මුලික වටයෙන් ඉවත් වීමත් සමග කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන්නැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා.
එහෙත් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත‍්‍රාත් කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දීයි.
ඔහු කණ්ඩායමේ ප‍්‍රධාන පුුහුණුකාර ධූරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
චෝදනා සම්බන්ධයෙන් දින 14 ක කාලයක් ඇතුළත කරුනු දක්වන්නැයි ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතාට දැනුම් දුන්නේ පසුගිය 06 වනදායි.
කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රොමේෂ් රත්නායක මහතා පත් කලා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා.