News Line| Off Air
Generic placeholder image

Aug
9

දිනක් ඇතුලත පැළ මිලියන 350ක් සිටුවා ඉතියෝපියාව වාර්තා තබයි

1538 Views


දිනක් ඇතුලත පැළ මිලියන 350ක් සිටුවා ඉතියෝපියාව වාර්තා තබයි

වනාන්තර විනාශයට නැවතීමේ තිත තබමින් පරිසරය රැකගැනීම වෙනුවෙන් දිනක් තුළ පැළ මිලියන 350ක් සිටුවමින් ලෝක වාර්තාවක් තැබීමට ඉතියෝපියාව සමත් වී තිබෙනවා.

නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාව මෙම ව්‍යාපෘතිය එරට අගමැති අබි අහමඩ්ගේ නායකත්වයෙන් සිදු කර ඇති බව සදහන්.

වනාන්තර විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඩපැවැත්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, රජයේ සේවකයන්ට පැළ සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා ඉඩ සලසමින් ඇතැම් මහජන කාර්යාල වසා දැමීමටත් බලධාරීන් කටයුතු කර තිබුණා.

20 වැනි ශතවර්ෂයේ මුල භාගයේදී ඉතියෝපියාවේ වන ගහණය සම්පූර්ණ භූමියෙන් 35%ක් වුවත්, වර්ෂ 2000 පසු කරන විට එය 4%ක් දක්වා අඩුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ඒ අනුව, ‘හරිත උරුමයකට මුලපිරීම’ යන මැයෙන් ආරම්භ කළ අගමැති අබි අහමඩ්ගේ රුක් රෝපණ ව්‍යාපෘතිය රටපුරා ස්ථාන දහසකදී ක්‍රියාවට නංවා තිබු අතර රට පුරා දේශීය පැළ කෝටි 400 ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණ වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post